පුත්තලම දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අශෝක වඩිගමංගාව, පොලොන්නරුව දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන තිලක් මහලේකම්ගේ, පුත්තලම දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නියොමාල් පෙරේරා, ගාල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර සොයිසා සහ කෑගල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි සමන්තා කරුණාරත්න වැනි එජාපයේ හිටපු ජේෂ්ඨයින් කිහිප දෙනෙකුම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඔහු වටා එකතුවීමට නියමිත බව වාර්තා වෙයි.
හිටපු අමාත්‍යවරයකු වන උපාලි පියසෝම මහතා මිට පෙර අමාත්‍ය සජිත්ට සහය පල කරමින් ඔහුගේ ජනාධිපතිවරණ සටනට එකතු වූ අතර ඒ සදහා හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා මැදිහත් වූ බවත් වැඩිදුරටත් වාර්තා වෙයි. එමෙන්ම එජාපය හැර ගිය සියල්ලන්ටම එය වටා නැවත එකතුවන ලෙස මිට පෙර අමාත්‍ය සජිත් විසින් අරාධනාවක් සිදු කල අතර අදාල ක්‍රියාව සම්බන්ධීකරණය කිරීමේ වගකීම තිස්ස අත්තනායක මහතාට පවරා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි

