Featured News

Video Gossip

Advertisement

බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් ඉමිතියාස් ලබන 25 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල මන්ත්‍රීවරයා අද(11) පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා හමුවට ඉදිරිපත් කර ඇති අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.

පසුගිය ජූලි මස පළමුවැනිදා අදාල කාන්තාවට මන්ත්‍රීවරයා තර්ජනය කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමටත් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට භාරදීමටත් මීට ඉහත අවස්ථාවක අධිකරණය නියෝග කර සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements