BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->

තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට සහභාගීවීම තහනම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික තිලංග සුමතිපාල මහතාට එම ආයතනයේ කටයුතුවලට සම්බන්ධ වීමට නොහැකි වන සේ තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ නියෝගය සිදුකර ඇති අතර තව දුරටත් තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සහභාගීවීමට හැකිදැයි සොයා බලා මසක කාලයක් තුළ වාර්තාවක් සපයන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර ඇත.


« PREV
NEXT »

Facebook Comments APPID