Advertisement

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟත්වය ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ එජාප අපෙක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් අද (26) උදෑසන ආරම්භ වූ විශේෂ සාකච්ඡාවේදී ය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි වී සිටිති.

එහිදී සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා එජාපෙ අපේක්ෂකයා කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟතාව පළකර සිටි බව එම සාකච්ඡාවට සහභාගි වෙමින් සිටින පක්ෂයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත දැනුම් දී සිටියේය.

මේ වනවිටත් එම සාකච්ඡාව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන අතර මාධ්‍යවේදීන් විශාල පිරිසක් දොරටුව අසල රැඳී සිටින බව වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements