Featured News

Video Gossip

Advertisement

මහරගම නගරයේ මහාමාර්ගයට ඉහළින් ඉදිරිකර තිබුණු දැවැන්ත කටවුට් සහිත තොරණක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර මහත්මියට ඉතාම දරුණු ලෙස බැනවැදී ඇතැයි වාර්තා වේ. 

ඊයේ (08) පෙරවරුවේ මෙම තොරණ මහාමාර්ගයට කඩාවැටී තිබුණු අතර අනතුරින් වාහන කිහිපයකට දැඩි අලාභහානි සිදුව තිබිණි. මින් ජීවිත හානියක් සිදු නොවේ බේරී තිබුණේ යන්තමිනි.

මෙම සිද්ධියට අදාළ ඡායාරූප සහ විස්තර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වන ආකාරයත් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට දෝෂාරෝපණ සහ උපහාස එල්ල වන ආකාරයත් ඔහුගේ සමාජ මාධ්‍ය ජාල නිරීක්ෂණ ඒකකය මඟින් ඔහුට දැනුම් දී තිබිණි. 

බැනර් සහ කටවුට් භාවිතා නොකරන ලෙස තමන් දැනුම් දී තිබියදීත් මෙවැන්නක් සිදුවීම සම්බන්ධයෙන් දැඩි කෝපයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා කාන්ති කොඩිකාර මහත්මියට දුරකථන ඇමතුමක් ගෙන තදින් බැනවැදී තිබේ. 

"තමුසෙලාට කටවුට් ගහන්න එපා කියලා ප්‍රසිද්ධියෙත් කියලා මං වෙනම නෝටිස් එක්කුත් එව්වා මතකද ? එහෙම තියෙද්දි මොකද්ද ඕයි මේ කරන්නෙ ? තමුසෙලාට සිංහල තේරෙන්නෙ නැද්ද ? ඔතන එකෙක් දෙන්නෙක් මැරුණා නම් මොකද්ද වෙන්නෙ, මගෙ මුළු කැම්පේන් එකම විනාශ වෙනවා. තමුසෙලාට ඒකද ඕනෙ වෙලා තියෙන්නෙ ? ..." යනාදී වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බැනවදින විට කාන්ති කොඩිකාර මහත්මිය ද "අනේ නෑ සර්, ඒක සර්ට ගහපු එකක් නෙවෙයි. අපෙ මහින්ද මහත්තයාට ගහපු කටවුට් එකක්. " යනුවෙන් නිදහසට කරුණු දක්වා ඇත. 

සාමාන්‍යයෙන් තමන් කාට හෝ බැනවදින විට ඔවුන් එකටෙක කීම කිසිසේත්ම නුරුස්සන ගෝඨා මින් මාරාවේශ වී "මහින්දට නෙවෙයි මොකාට ගැහුවත් අන්තිමේ මෙව්වා කඩන් වැටෙන්නෙ මගෙ ඔළුවට" කියමින් පටන්ගෙන පරුෂ වචනයෙන්ම කාන්ති කොඩිකාර මහත්මියට බැනවැදී ඇති බවයි වාර්තා වූයේ. වරක් සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනී ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මියට බැනවැදී තිබුණු ආකාරයටත් එහා යමින් තනි සුද්ද සිංහලෙන් කාන්තිට අමතා ඇති ගෝඨා විනාඩි ගණනක්ම එකදිගට බැනවැදීමෙන් අනතුරුව "මං කවුද කියලා අමතක නෑනෙ ? ඒක හැමවෙලේම මතක තියාගෙන වැඩ කරපල්ලා" යනුවෙන් ද තර්ජනය කර ඇති බව සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements