Featured News

Video Gossip

Advertisement

අද(09) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ජාතික රූපවාහිනී සංස්ථාව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරය දරන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරගෙන තිබේ.

මෙම පවරා ගැනීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇත.


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යටතේ පැවතුණි.

මීට ඉහත ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එතෙක් ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ධුරය හෙබවූ මංගල සමරවීර මහතාගේ විෂය පථයෙන් ජාතික රූපවාහිනී සංස්ථාව ඉවත් කළ අතර රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඔහුගේ විෂය පථයට එය එක්කර තිබිණි.

කෙසේ වෙතත් අද නිකුත් කෙරුණු ගැසට් නිවේදනය යටතේ ජාතික රූපවාහිනී සංස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට එක්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements