Advertisement

කිලිනොච්චිය, පුනරීන්, අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ වැවේ රොන් මඩ සහිත දිය වලක ගිලෙමින් සිටි පවුලක් බේරා ගැනීමට කිලිනොච්චිය ආරක්ෂක සේනාවන්ට අයත් පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුද හමුදා නිලධාරීන් සමත්ව ඇත.

කිලිනොච්චිය, පුනරීන්, හතර කණුව ප්‍රදේශයේ පදිංචි ඩි.තෙරුනාල් ඇලෝසියස් නමැත්තා සිය බිරිඳ හා දරු තිදෙ‍නා සමඟ පසඅගියදා (07) දහවල් වැවේ දිය නෑමට ගොස් ඇති අවස්ථාවේ වැව තුළ තිබු රොන්මඩ සහිත වලක එරෙමින් සිටියදී යුධ හමුදා නිලධාරීන් අදාළ පවුලම බේරා ගෙන ඇත.

වැවට බැසි දරුවෙකු රොන්මඩ සහිත වලෙහි පළමුවෙන් ගිලී ඇති අතර, එහිදි අදාළ දරුවා බේරා ගැනීමට දරුවාගේ පියා මව හා තවත් දරුවෙකු වලට බැස ඇති අතර, එහිදි ඔවුන් ද එරී තිබිණ.

මඩ වල තුළ එරුණු දරු දෙදෙනා හා බිරිඳ බේරා ගැනීමට ඇලෝසියස් උත්සහ දරමින් සිටියදී ඇලෝසියස් මහතාගේ බාල දරුවා සිය පවුල බේරාදෙන ලෙසට කෑ ගසා ඇති අතර, දරුවාගේ කෑ ගැසීම් හඩ ඇසුණු පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුධ හමුදා නිලධාරීන් වන ‍සෙ/වි 100258 ලාන්ස් කෝප්‍රල් ටි.ජි.ජේ.පි.ආරියරත්න හා /වි 100232 ලාන්ස් කෝප්‍රල් ඩි.ජි.එස් අමරසිරි යන දෙදෙනා වැවට බැස අදාළ පවුල් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගෙන තිබිණ.

අදාළ පිරිස වැවෙන් ගොඩගත් අවස්ථාවේ සිහි නැතිවි ගොස් සිට ඇති අතර, එහිදි යුධ හමුදා නිලධාරීන් ක්ෂණික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව අදාළ පිරිස පුනරීන් රෝහල වෙත ඇතුළත් කොට ඇත.

අනතුරට ලක්වු පිරිස එහිදි වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමු කොට ඇති අතර, අදාළ පිරිස මේ වන විට යහපත් තත්ත්වයට හැරෙමින් පවතින බවද යුධ හමුදා නිලධාරීන් පවසා ඇත.

ඇලෝසියස් ජයන්තිමාලා නමැති 44 හැවිරිදි කාන්තාවක්, අදාළ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වු ඇලෝසියස් අම්බරාසා වු වයස අවුරුදු 14 දරුවෙකු හා පවුලේ දෙවැනි පිරිමි දරුවා වු ඇලෝසියස් අනුස්තන් නමැති 12 හැවිරිදි දරුවෙකු එලෙස දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන තිබිණ.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජේ.වි.රවිප්‍රිය මහතාගේ අධීක්ෂයෙන් මත,කිලිනොච්චිය යුධ හමුදා 66 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර මහතාගේ මෙහෙයවීමෙන්, 661 බලසේනාධිපති කර්නල් මදුර වික්‍රමරත්න මහතාගේ හා පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අණදෙන නිළධාරි මේජර් ධනංජය වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිළධාරීන් මුදාගැනීමේ මෙහෙයුම වෙනුවෙන් සහයෝගය ලබාදි තිබිණ.

  අපගේ අළුත් ගොසිප් 99 චැනලය SUBSCRIBE කරන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements