Featured News

Video Gossip

Advertisement

ත‍්‍රස්තවාදී තර්ජනයක් පිළිබඳව තොරතුරු වාර්තාවීම නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට පෙර එහි වත්මන් ආරක්‍ෂක තත්ත්වය යළි සලකා බලන ලෙස රජය කි‍්‍රකට් ආයතනයට ඊයේ (11) උපදෙස් ලබාදී ඇත.

අදාළ අනතුරු ඇඟවීම නිසා පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව යළි තක්සේරුවක් ලබාගැනීමට අදහස් කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

පාකිස්තානයේ ආරක්‍ෂිත තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීම අගමැති කාර්යාලය හරහා ලැබුණු බවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටී.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳ ක‍්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡුාවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය දා පැවැත්වුණි.

එහිදී ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතීව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයන් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පළ කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක‍්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර තරගාවලිය සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භවීමට නියමිතය.

2009 වසරේදී ද පකිස්තානයේ සංචාරයක නිරතවූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එරට ලාහෝර් නුවරදී ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ගොදුරු විය.

සුජීව තත්සර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements