Advertisement

අගමැති රනිල් වික්‍රමසිංහ ද්‍රෝහියෙක් යයි යැයි තමන් රට වටේ වේදිකාවක් වේදිකාවක් ගාණේ කියමින් යන බව ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ.

අද පැවැති පෙර කැබිනට් හමුවේ දී ඔහු මේ බව සඳහන් කර ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් අදහස් පළ කළ අවස්ථාවේදී ඔහු මේ බව කියා ඇතැයි එහි සිටි ඇමතිවරායෙක් අප වෙත පැවසීය.

විධායකය අහෝසි කිරීමේ සාකච්ඡාව මෙම අවස්ථාවේ සිදු නොකළ යුතු බවත් ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් පසුව සිදුකල යුතු බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේදී මෙවන් යෝජනාවක් ගෙන ඒමෙන් ප්‍රතිවාදීන්ට බියවී පරාජය පිළිගෙන එවැන්නක් සිදු කරන බව ජනතාව අතර මතයක් ද ඇතිවනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

ඇති වූ උණුසුම් සංවාදයේදී රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කර තිබේ.

සුළු පක්ෂ සමග කිසිදු සාකච්ඡාවකින් තොරව අගමැතිවරයා විසින් මෙම උත්සාහය දැරීම සම්බන්ධයෙන් ද ඔහු සිය දැඩි විරෝධය පළ කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements