Advertisement

තොප්පිගල, නාරකමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර පලාත් පරිපාලන මධ්‍යස්ථානය අත්පත් කරගැනීමට කමාන්ඩෝ සෙබළුන් ඊයේ( 19) සමත්වූහ.

එහිදී ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන කුළුණක්, අවිගබඩාවක් විනාශ කිරීමට කමාන්ඩෝ සෙබළුන් සමත් වූහ.

දියකාවා යුද අභ්‍යාසයේ ⁣පුහුණු අභ්‍යාසයක් ලෙස පැවැත්වූ මෙම මෙහෙයුමට 1වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහභාගී විය. එය දියකාවා යුද අභ්‍යාසයේ 19 වැනි අභ්‍යාසය වූ අතර මේ සඳහා කමාන්ඩෝ සෙබළුන් 40ක් පමණ සහභාගීවූහ.



මෙම ක්‍රියාන්විතයට කමාන්ඩෝ භටයින් 8 දෙනා බැගින් වූ කණ්ඩායම් පහක් ලෙස සහභාගී වූ අතර ඉන් කණ්ඩායම් දෙකක් මෙහෙයුම සඳහා ගුවනින් පැමිණි අතර නිරීක්ෂණ කණ්ඩායම් දෙකක් සහ අතිරේක භට කණුඩායමක් ලෙස ඔවුහු මෙහෙයුමට එක්වූහ.

එසේම මෙම මෙහෙයුමට විදේශීය හමුදා සෙබළුන් පිරිසක්ද සහභාගී වී සිටියහ. මෙහෙයුම අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ මෙය ඔවුන්ට අතිවිශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූ පුහුණුවක් බවයි. 

මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීම සඳහා  දියකාවා යුදඅභ්‍යාසයේ නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනිල් සමරසිරි මහතා එක්ව සිටියේය.









gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements