ගංජා භාවිත කිරීම නිසා මානසික රෝග උග්‍ර වීම හෝ අලුතින් මානසික රෝගයක් හටගැනීමේ අවදානමක් ඇති බව මානසික වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එහිදී කැනබිස් ඉන්ඩියුස්ඩ් සයිකොසිස් නම් මානසික රෝගය ගංජා නිසාම ඇතිවන මානසික රෝගයක් බව මනෝ වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ.
එමෙන්ම මානසික රෝගයක් හැදීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති පුද්ගලයෙක් නම්, එය ඉතා ඉක්මනින් ඔහු තුළ මතුවීමටත් එවැනි ප්‍රවණතාවක් නොතිබුණු පුද්ගලයකුට එම රෝගයට ගොදුරුවීමට ගංජා භාවිතය නිසා අවස්ථාව ලැබෙන බවත් මනෝ වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.
එමෙන්ම ගංජා භාවිත කිරීම නිසා හමුවන මානසික රෝගීන්ට ඇත්තේ, සුළු මානසික රෝග නොවන බවත්, සයිකෝසියාව ගණයට වැටෙන ඵජඩඪලධනඩපඥදඪච, ඊට අමතරව ඡඪනධතචප ඤඪඵධපඤඥප, ඤඥනපඥඵඵඪධද වැනි ප්‍රධාන මානසික රෝග සුලබව වාර්තා වන බවත් මානසික වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
මේ අතර ගංජා සිගරැට් ලෙස උරා බීම නිසා දුම් පානයේදී සිදුවන හානිවලින් විශාල ප්‍රමාණයක් ගංජා භාවිතයෙන් සිදුවන බවත් ශරීරය ගඳ ගැසීම, මුහුණ පමණට වඩා වයසට යෑම, හම රැලි වැටීම, මුහුණේ ඇති තරුණ බව අහිමිවීම, සිදුවන බවත් දුම් පානයේදී මෙන්ම ගංජා භාවිතයේදී පිළිකා, හෘදයාබාධ, අංශභාග අවදානම සහ ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන බවත් සොයාගෙන තිබේ.
ගංජා භාවිතය නිසා නිර්මාණශීලීිත්වය වැඩිවන බව, ශාන්තදාන්ත වන බව, ආධ්‍යාත්මික සුවයක් ලැබෙන බව සහ සෞඛ්‍යයට හානියක් නොවන බවට පදනම් විරහිත මතවාද පැතිරවීම ජාවාරම්කරුවන් සූක්ෂ්ම ලෙස සිදුකරන බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ වන විට ගංජා භාවිතය නීතිගත කිරීමට විශාල ජාවාරමක් ලොව පුරා ක්‍රියාත්මක වන අතර එම ක්‍රියාදාමයේද කොටසක් ලෙස ශ්‍රී ලංකාවේද ගංජා නීතිගත කිරීමට උත්සාහයක යෙදෙන බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

