Featured News

Video Gossip

Advertisement

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බවට තමන් කළ ප්‍රකාශය ආන්දෝලනයකට ලක්වූ නමුත් එය අවසන්ව තිබියදී නැවතත් තමන්ට ප්‍රහාරයක් එල්ල කළ විමල් වීරවංශ මහතාට එරෙහිව තියුණු ප්‍රතිප්‍රහාරයක් එස්.බී. දිසානායක මහතා විසින් ඊයේ (18) එල්ල කරන ලදී. 

"හිස්බුල්ලා මැතිතුමාගෙ ආධාරකරුවන් ගැන මම කිව්ව ප්‍රකාශයක් මාධ්‍යවල ටිකක් විකෘති වෙලා ගියා. හැබැයි මම වහාම ඒක මුද්‍රිත මාධ්‍යවල, සමාජ මාධ්‍ය ජාලවල, රූපවාහිනීවල ගිහිල්ලා ... ඒ ප්‍රවෘත්තිය ඒක දැන් සම්පූර්ණයෙන්ම අවසන් වෙලයි තියෙන්නෙ. 

ඒත් අපෙ මේ ව්‍යාපාරයෙ ඉදිරියෙන්ම වැඩ කරන අපෙ මිත්‍රයෙක් ළඟදි, මම හිරේ ගියෙත් කට හින්දාය කියමින් බරපතළ විවේචනයක් මට එල්ල කරලා තියෙනවා. මම දන්නවා අපි මේ දේශපාලන ක්ෂේත්‍රයෙ ඉන්න ජ්‍යේෂ්ඨයො. ඒ වගේම ශ්‍රීලනිපය තුළ ඉඳගෙන මම මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ වමේ සමඟිය වෙනුවෙන් කරපු දේ ඔය කවුරුත් ඉතාම හොඳින් දන්නවා. මේ වෙලාවෙ අපි එක එක්කෙනාට ඇඟිල්ල දික්කර ගනිමින් පෞද්ගලික වෛරය, ඊර්ෂ්‍යාව පිරිමහගන්න එක නෙවෙයි යුතුකම. අපි අපෙ සියලුම ශක්තිය යොදවන්න ඕනෙ අපෙ අපේක්ෂකයා දිනවලා මේ තියෙන කාලකන්නි තත්වයෙන් රට බේරගන්න. 

ඒක නිසා අපෙ මිත්‍රයාගෙ අධ්‍යාපන මට්ටම, සමාජ මට්ටම එක්ක බලපුවාම මේවත් එක්ක පිළිතුරු දෙමින් හැප්පෙන්න මම ආසම නෑ. ඒ වුණත් එතුමා මං හිරේ ගිය කතාව කියලා තිබුණා. 

මම හිරේ ගියේ මේ රටේ හිටපු දූෂිතම අධිකරණ නිලධාරියෙකුට බරපතළ විවේචනයක් කරලා. අදත් මං ඒකගැන හරියට සතුටු වෙනවා. ඒ දූෂිත අධිකරණ නිලධාරියා ගැන මේ රට ඉතාම හොඳින් දන්නවා. මම ඔහුව විවේචනය කළා ඔහුම තමයි මට දඬුවම් කළේ, හැබැයි මම සතුටු වෙනවා මම හිරේ ඉද්දි පොත් 10ක් ලිව්වා. ඒ නඩුවට මම නිකං හිටියෙ නෑ. හිරේ ඉද්දි මම මේ නඩුව ජාත්‍යන්තර අධිකරණයට අරන් ගියා. රටවල් 13ක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එකතුවෙලා මගේ නඩුව අහලා මාව සම්පූර්ණයෙන් නිදොස්කොට නිදහස් කරලා මට වන්දි ගෙවන්න කියලා මේ ආණ්ඩුවට නියෝග කරපු බව මං මතක් කරනවා. 

ඒ නිසා මම කියන්න කැමතියි මට ආණ්ඩුවෙ සල්ලිවලින් ගෙවල් හොරකම් කරලා චෝදනා නෑ, මට හොරට පාස්පෝට් හදලා හොරට උප්පැන්න සහතික හදලා චෝදනා නෑ. මට නෑදෑයින්ගෙ පරපුරුවලට රජයේ ගෙවල් බෙදලා චෝදනා නෑ. 

ඒ නිසා අපි පෞද්ගලික වෛරයක් ඉරිසියාවක් ක්‍රෝධයක් පටළාගන්න හොඳ වෙලාවක් නෙවෙයි මේක. මම එහෙම දූෂිතයෙක් හැටියට චෝදනා නොලබපු කෙනෙක්. චන්ද්‍රිකා මැතිණිය මට එහෙම චෝදනා දාන්න උත්සාහ ගත්තා හැබැයි ඒ මොකක්වත් කරගන්න බැරිවුණා. ඒනිසා අපි මේ රට ගොඩනගන්න ශක්තිමත් නායකත්වය මහින්දට - ගෝඨාට මේ රට බාරදෙන සටනට නායකත්වය දෙමු කියන එක මම කියන්න කැමතියි" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements