Featured News

Video Gossip

Advertisement

ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ කටයුතු අද (14) සිට ආරම්භ වනවා.

අදියර කිහිපයක් යටතේ සිය ප‍්‍රතිපත්ති එළිදැක්වීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ. ඒ අනුව අද දිනයේ එළිදකින්නේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි.

සිය ඉදිරි පාලනයකදී රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස  අදහස් පළ කළා.

එහිදී "මීට කලින් රට පාලනය කරපු අය තමයි ජනතාවට බොරු පොරොන්දු දීලා..ජනතාව රවටලා.. ඒ ජනතාවගේ විශ්වාසය කඩ කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ බලාපොරොත්තු දල්වා ගත හැකි කණ්ඩායමක් දිහා බලන්න කියලයි. මොකද මේ පොරොන්දු ඉදිරිපත් කරන්නේ දේශපාලනඥයන් පමණක් නොවෙයි. ඒ පිටුපස.. මේ ප්‍රතිපත්තියේ වගකීම භාර ගන්න අපේ රටේ දැනටමත් අධ්‍යාපන ක්ෂේත්‍රවලට මග පෙන්වන විද්වතුන් හා වෘත්තිකයන් ඉන්නවා." යනුවෙන් සඳහන් කෙරුණා. 

ඉදිරියේදී ජාතික ජනබලවේගය විසින් සෞඛ්‍ය, පරිසර, ප‍්‍රවාහන සහ ජාතික සමගිය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් සිය ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට නියමිතයි. සම්පූර්ණ ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලබන 26 වැනිදා එළිදැක්වීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements