Featured News

Video Gossip

Advertisement

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල වලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහනය කරන බව යලි වතාවක් සනාථ වන බව අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

‘‘ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල වලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහනය කරන බව යලි වතාවක් සනාථ වෙනවා. මොකද 2015 දීත් මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයාට ඔය ඇල්පිටිය ආසනෙන් 60% ක් හම්බවෙලත් එතුමා රටේ පරාදයි.

අද එදාටත් වඩා ඒ ඡන්ද ප්‍රමාණය අඩු වෙලා විතරක් නෙමෙයි ඒ ප්‍රතිඵලයෙන් තවත් පැහැදිලි වෙන වැදගත් කාරණාවක් තියෙනවා. පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙක එකතු වුනයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පෙරහැරේ යන අලි ටික පොහොට්ටුවට එකතු වුනයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කොට අදින අලි , ඒ කියන්නෙ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අද පොහොට්ටුවට ගිහිල්ලා නෑ.

ඒක නිසා තමයි මේ පක්ෂ දෙක ගිවිසුමක් අත්සන් කරලත් දින 04 කට පස්සෙ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සියල්ලම වගේ වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි ඡන්දය දුන්නෙ‘‘

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements