Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත් වූ පසුව සියලු මුස්ලිම් ජනතාවගේ ජීවිතවල සහ ඔවුන්ගේ ව්‍යාපාරවල ආරක්ෂාව සහතික කරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මුස්ලිම් ජනතාව අමතක කර රට ගොඩනැගිය නොහැකි බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සියලු ජාතීන් එකට බැඳ තබන ජනවර්ගය වන්නේ මුස්ලිම් ජාතිය බවයි. ඒ නිසා කුමන රජයකට වුවද මුස්ලිම් ජනතාව අමතක කර දැමිය නොහැකි බව ඔහු අවධාරණය කරයි.
ජනාධිපතිවරණය ආරම්භවීමට පෙර පොදුජන පෙරමුණ හා ඔවුන් සමග සිටින ජාතිවාදී කණ්ඩායම් දැඩි මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එහෙත් මේ වනවිට පොදුජන පෙරමුණ මුස්ලිම් ජාතිකයන් දිනා ගැනීමේ දැඩි සටනක නිරතවෙමින් සිටී.

මුස්ලිම් ජාතිකයන් දැඩිලෙස විවේචනය කළ මධුමාධව අරවින්ද මහතා පිවිතුර හෙළ උරුමයෙන් ඉවත් කිරීමට පවා ඔවුන් කටයුතු කළ අතර, මුස්ලිම් විරෝධය වෙනුවෙන් පෙනී සිටි උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැන්නන්ගේ කටවල් පාලන කිරීමට ද බැසිල් රාජපක්ෂලා කටයුතු කරමින් සිටී.

අනෙක් පැත්තෙන් ඔවුන්ගේ මුස්ලිම් නායකයන් හරහා රටපුරා මුස්ලිම් ජනතාව දිනා ගැනීමට කටයුතු කරමින් සිටී.

මෙම තත්වය රටේ අනාගතය සම්බන්ධයෙන් සැළකීමේදී යහපත් තත්වයකි. එහෙත් එ් රාජපක්ෂලාගේ මෙම මුස්ලිම් ජාතිකයන් පිළිබඳ ආදරය අවංක ආදරයක් වන්නේ නම් පමණි. එය මුස්ලිම් ඡන්ද ඩැහැ ගැනීමේ අරමුණින් හිතාමතා මුස්ලිම් ජාතිකයන් රැවටීමේ අරමුණින් සිදු කරන්නේ නම් ඒ සඳහා පොදුජන පෙරමුණට හා රාජපක්ෂලාට පමණක් නොව රටක් ලෙසම වන්දි ගෙවීමට සිදුවන්නක් විය හැකිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements