Advertisement

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

2019 ඔක්තෝම්බර් 17 වෙනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් සුජීව සේනසිංහ මැතිතුමා හරි අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි සජිත් මැතිතුමා දූෂණයකට සම්බන්ධ බවට ඔප්පු කරන්න අවශ්‍ය නෑ තොරතුරක් හමු වුණොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.

2015 ජනවාරි 15 වන දා සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාරතාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් මැතිතුමාගේ දූෂණ ගැන කතා කරන්නයි. සාක්ෂි සහිතව ඔප්පු කරන්නයි.

නීති විරෝධිව සේවකයින් 1117ක් බඳවා ගැනීමෙන් ද වසර 60ට වැඩි සේවකයින් තිස්දෙනෙකුට සේවා දිගු ලබා දීමෙන් ද මහජන මුදල් කෝටි 64ක් අවභාවිතා කර ඇති බැවින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට දූෂණය කියන වරදට නඩු පවරන්න කියා මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ වාර්තාවට අනුව වගකිවයුකු පුද්ගයන් විදිහට අංක එකට සදහන් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අතිශයින්ම සමීපයි කියලා එක්සත් ජාතික පක්ෂයේම අය විසින්ම කියන ජනාධිපතිතුමා පත් කළ කොමිසන් සභා වාර්තාවේ තමයි කියන්නේ සජිත් දූෂිතයෙක් මහජන මුදල් කෝටි හැට හතරක් අව භාවිතා කරපු කෙනෙක් ඔහුට විරුද්ධව දූෂණයට විරුද්ධව නඩු දැමිය යුතුයි වහාම කියලා,

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements