ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) තවත් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අදාලවයි.
ජනාධිපතිවරයා විසින පත්කළ මෙම පංච පුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවට අමතර බලතල ලබාදීම වෙනුවෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපති කොමිසම විසින් අතිරේක බලතල ඉල්ලා සිටි බවයි. ඒ අනුව සංශෝධිත පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 08(1)(අ) සහ (ආ) වගන්ති යටතේ පවතින බලතල කොමිෂන් සභාව සඳහා ලබා දී තිබෙනවා.

