Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මුහුණට මුහුණ විවාදයකට ආරාධනා කළත් තමන්ට තනිව එම විවාදයට පැමිණිය නොහැකි නම් මුළු රාජපක්ෂ පවුලටම තමන් හා විවාදයට පැමිණෙන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 27දා පැවති ජනහමුවකදී පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් හා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ලිඛිතව ආරාධනා කළ ද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බැවින් තමන් එම ආරාධනය අලුත් කරන්නේ මුලු රාජපක්ෂ පවුලම විවාදය සඳහා පැමිණෙන බවට අපේක්ෂා කරමින් බවද ඔහු පැවැසීය.
“මම රාජපක්ෂ මහත්තයට කිහිපවතාවක්ම කතාකළා ප්‍රසිද්ධ විවාදයකට. ඒ වගේම මම ලිඛිත ඉල්ලීමකුත් කළා. තාමත් ඔහුගෙන් ඒකට ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. ඒ නිසා, මම තීරණය කළා ඒ ආරාධනය යළි සිදු කරන්නට.

එතුමට අරගෙන එන්න පුලුවන් ඔහුගෙ සහෝදරයන් වන විපක්ෂ නායකතුමා, හිටපු කතානායකතුමා, සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයත්. ඒ වගේම, මම ඉඩදෙනවා ඔහුට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂත් එක්කගෙන එන්න කියලා. මම බලාපොරොත්තු වෙන්නෙ ඔවුන් සමග තනිවම විවාද කරන්න. මට කිහිලිකරු අවශ්‍ය නැහැ.” යැයි ද ඔහු ප්‍රකාශ කළේය.‌

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements