Featured News

Video Gossip

Advertisement

ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

ඉතිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් කටයුතු කරන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මීට අමතරව තවත් අපේක්ෂකයෙකු ජනප්‍රියතාව ලබාගැනීමට ජාතිවාදය මුල් කරගනිමින් කටයුතු කරන බවත්, මේ නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් මේ වනවිට අපේක්ෂකයන් 13 දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරන බවත් ඔහු කියා සිටියේය.

තමන් හැර වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි අතර, එලෙස කරන්නේ නම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත්, මේ නිසා ඔවුන් 12 දෙනා අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී අදාළ සහයෝගය ලබාදිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතිවාදය මූලික කරගනිමින් මැතිවරණ කටයුතු කිරීම නීතිවිරෝධී බවත්, මේ නිසා මේ පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් හෙතෙම කියා සිටියේය.

මෙම සියලුම කටයුතු නවතා දැමීමට කටයුතු නොකළහොත් 16 වැනිදායින් පසු අදාළ පුද්ගලයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කරන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements