Advertisement

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන් ආරම්භ කළ අඛණ්ඩ වර්ජනය අද (01) දිනටත් කි‍්‍රයාත්මකයි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පැහැදිලි විසදුමක් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් සඳහන් කළා.

ලබන බ‍්‍රහස්පතින්දා සියළු විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන් කොළඹට කැඳවා විරෝධතාවක්ද පවත්වන බවද විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මෙහිදී කියාසිටියා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍ය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන්ද මේ වනවිටත් කැබිනට් මණ්ඩලයට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර ඇති බවයි. බොහෝ විට අද දිනයේදී ඒ සඳහා තීරණයක් ලැබෙනු ඇති බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements