Featured News

Video Gossip

Advertisement

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දේශපාලන වේදිකාවේ සිය ප‍්‍රතිපත්ති හරහා සිදුකරන ප‍්‍රකාශ ඉන්පසුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ද තමාගේ අදහස් මෙන් දේශපාලන වේදිකාවේ ප‍්‍රකාශ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියල් නිශාන්ත පවසන්නේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ඊට අදාළ පැහැදිළි සැලසුමක් ද සහිතව බවයි. 
මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සිිය අදහස් පළ කරන්නේ එය කි‍්‍රයාත්මක කළ හැකි වැඩපිළිවෙළක් පෙන්වාදීමකින් තොරව බවයි. 

මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ "ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නම් වතුකම්කරුවන්ට 1000ක් දෙනවයි කියලා සජිත් කියනවා..1500ක් දෙනවයි කියලා. මේකේ තියෙනවා නම් හඳට යවනවයි කියලා.. ඔහු කියයි හඳටත් යවලා එතනින් අඟහරු ලෝකෙටත් යවනවයි කියලා. මේ රටේ රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දේ දෙන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විතරක් කියවලයි. " යනුවෙනි. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් අමාත්‍ය පී. හැරිසන්ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "විමල් වීරවංශට ඕන විදිහට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නෑ. අපි ඒවට දින වකවානු තීරණය කරලයි තියෙන්නේ. අපි ඒක ඉදිරිපත් කරන්නම් අපිට ඕන වෙලාවට. ඒ ගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න අපි ලෑස්ති නෑ. " යනුවෙනි. 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉකුත් සිකුරාදා නිල වශයෙන් එළිදැක්වුවා. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලබන 30 හෝ 31 එළිදක්වන බවටයි වාර්තා පළ වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements