Advertisement

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7කට එරෙහි නඩුව ජනවාරි මස 9 වැනිදා දක්වා කල් තබා තිබේ.

සිද්ධියට අදාල නඩුව අද(15) සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර ඇත.

සිද්ධියට අදාල නඩුව අද කැඳවා තිබූ අවස්ථාවේ විත්තිකාර ගෝඨාබය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි, අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවේ විභාගය දෙසැම්බර් 20 තෙක් අත්හිටුවමින් ශ්‍රෙෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන් එම දිනයෙන් පසු සාක්ෂි කැඳවීම සිදුකරන ලෙසය.

ඒ අනුව අද කැඳවා තිබූ සාක්ෂි විභාගය අත්හිටුවා ජනවාරි මස 9 වැනිදා නඩුව නැවත කැඳවීමට අධිකරණය නියම කර ඇත.

අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂි කරුවන් හතර දෙනකු මුදාහැරීමට නියම කෙරෙනු අතර නැවත දැනුම්දීමක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම සාක්ෂිකරුවන්ට දැනුම් දුන්නේය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements