Featured News

Video Gossip

Advertisement

අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය රටවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ අවශ්‍යම අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට නොයා යුතු බවයි.
එසේම ‘‘හදිසි අවස්ථාවකදී සිය පුරවැසියන් තානාපති කාර්යාලයට +94 112-301-601 අමතන්න, නැතහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානය +971 800-444-44 අමතන්න” යනුවෙන්ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එළඹෙන නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීම නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරන අතර ඉකුත් අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන මෙන් දන්වා සංචාරක තහනමක් පැනවීමට පියවර ගෙන තිබුනා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements