Featured News

Video Gossip

Advertisement

රට තුල තිබූ මුස්ලිම් විරෝධී රැල්ල අගෝස්තු මාසයේදී අතුරුදහන්වූ බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

ඊට හේතුව එම කටයුත්ත පසුපස සිටි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකත්වයට එම මාසයේදී නම් කිරීම බවද ඔහු සඳහන් කළේය.
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ රූපවාහිනි නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

අගෝස්තු මාසයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පමණි.

හිටපු හමුදාපතිට අනුව මුස්ලිම් විරෝධී රැල්ල පිටුපස සිටින්නේ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් විය යුතුය.

සමාජ ජාලවල මත පලවන්නේ හිටපු හමුදාපතිවරයා විසින් මෙම ප‍්‍රකාශය සිදු කර ඇත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements