Advertisement

ජංගම දුරකථනය, ටැබ් හා ලැප්ටොප් ඇතුළු පරිගණක නිසා අපට ඇති වාසි හා එහි වැදගත්කම කියා නිම කළ නොහැකි තරම් ය. නමුත් මේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය නිසාම ඇතිවූ බව පිළිගැනෙන සෞඛ්‍යමය, පාරිසරික, ආර්ථික හා සමාජ ගැටලු ද බොහොමයක් ඇත. මේ සමාජ ගැටලු බොහොමයක්ම මතු වන්නේ තරුණ පිරිස අතරේ යැයි පැවසිය යුතුමය. ඊට හේතු වන්නේ මේ සියල්ලක්ම තරුණ පිරිස් භාවිතයට වැඩි නැඹුරුවක් වී ඇත්තේ රාත්‍රි කාලයේ නිදා ගන්නා කාලය තුළ දී යැයි සමාජ පර් යේෂණ කියා සිටිති.

මේ ජංගම දුරකථන ඇතුළු උපාංගවලින් පිටවන චුම්භක ක්ෂේත්‍ර හා සන්නිවේදන කුලුනුවලින් පිටවන අධි සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා පුද්ගලයන්ට විවිධ මානසික හා කායික ගැටලු ආදිය ඇති වන බව ලොව පුරා විවිධ සෞඛ්‍ය බලධාරීහු තහවුරු කර ගෙන සිටිති.

විශේෂයෙන්ම මේ උපාංග රාත්‍රි කාලයේ අඩ අඳුරේ භාවිත කිරීම තුළින් විවිධ ගැටලු ඇති වන අතර, විශේෂයෙන් අන්ධකාර සහිත ස්ථානයක දී මේ උපාංග භාවිතයේ දී එම උපකරණවලින් පිටවෙන නිල් පැහැති අාලෝකය වඩාත් සුවබර නින්දකට පීඩා ඇති කරවන බව නොරහසකි. තවද විශේෂයෙන්ම අධික තරබාරුවීමේ අවදානම, හදවත් රෝග හා දියවැඩියාව වැනි රෝග ඇති වීමේ අවදානම දැඩිව පවතී.

මේ සුවබර නින්දකට පීඩා කරන පොදු සතුරාගේ ප්‍රහාරයන් අවම කර ගැනීමට හැකිවන සරල ක්‍රමවේදයක් ගැන හෝමෝන පිළිබඳ යුරෝපා සංගමයට ඉදිරිපත් කෙරුණු නෙදර්ලන්ත අධ්‍යයන වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා. එම නෙදර්ලන්ත පර් යේෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පුද්ගලයින් 25 දෙනෙකු තෝරා ඔවුන්ට තැඹිලි පැහැයෙන් වර්ණ (ටින්ටඩ්) කළ කණ්ණාඩියක් නින්දට පෙර පැලඳ රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන ඇතුළු පරිගණක උපාංග භාවිත කිරීමත්, එම කණ්ණාඩි පැලඳ පුරා සතියක් එම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් තොරව සිටීමෙන් මිනිස් සිරුරට සිදුවිය හානි අවම කර ගැනීමට හැකි බවය.

මේ සරල ක්‍රමවේදය ක්‍රියාත්මකවීම තුළින් වඩාත් සුවබර නින්දක් සේම, හදවත් හා දියවැඩියා රෝග ලක්ෂණ ඉවත්ව යහපත් ශරීර සෞඛ්‍යයක් හිමි වන බව එම නෙදර්ලන්ත පර් යේෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඉන්දියාවේ “ද වීක්” සඟරාව ඇසුරෙනි.
සටහන තිළිණි ද සිල්වා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements