Advertisement

මේ රටේ මිනිස්සු විවිධ බැවින් විවිධත්වය අගය කරන සමාජයක මිස තර්ජනය අගය කරන සමාජයක අප ජිවත් විය යුතු නැති බවත් තර්ජන ඇත්තේ තම සහෝදරයාගෙන් නොව ගෝඨා වෙනුවෙන් පෙනී සිටින මධුමාධව වැනි පුද්ගලයින්ගෙන් බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (08) දින රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාර කාර්යාලයේදි පැවැත්වුණු සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවකදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා,

මගේ සහෝදරයා පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. ඒත් ඔහු එය නිසි තැනට එය පාවිච්චි කළාද කියන ගැටලුව තියෙනවා. ඕනේ කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. මං කියන්නේ වෛරීව අදහස් ප්‍රකාශ කරන්න එපා කියලා. මිනිස්සුන්ගේ ජිවිත වලට තර්ජනය වෙන විදිහට ප්‍රකාශ කරන්න එපා කියලා. ඔහු සහෝදරයෙක් නම් මට දුරකථනයෙන් අමතලා ඒ පණිවිඩය කියන්න තිබුණා ඒ සහෝදරකම පාවිච්චි කරලා. නමුත් ඔහු කළේ සමාජ මාධ්‍ය අවකාශයෙන් හා මාධ්‍ය හමුවක් තැබීමෙන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements