Advertisement

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ පැමිණියේය.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහිදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ජන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ජන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක,එස්.එම් චන්ද්‍රසේන, ⁣ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී ඒකනායක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සහභාගී වූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements