සිය පාලනයක් යටතේ අභූත චෝදනා මත සිරගත කර සිටින රණවිරුවන්ට නිදහස ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ මංගල රැළිය අමතමින් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මේ බව කියා සිටියා.
අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ පැවති මෙම රැළියට ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පැමිණියේ පස්වරු 4ට පමණයි. ඔහු සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක මෙම ජනරැළියට එක්වීම විශේෂත්වයක් වුණා. එහිදී රැළිය ඇමතූ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ.

