Advertisement

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) මෝෂමක් ගොනු කරමින් විදේශ ගත වීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයෙන් ඉල්ලීමක් සිදුකරන තිබෙනවා.

මේ මස 09 වැනි දා සිට 12වැනි දා අතර කාලය තුළ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීමට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද තම සේවාදායකයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බැවින් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු බවට තහවුරු කිරීමට ද විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා ඉල්ලා සිටියා.


මෙම ඉල්ලීමට විරුද්ධ නොවන නමුත් අවශ්‍ය වෛද්‍ය සහතික පරිශීලනය කිරීමට කාලය අවශ්‍ය බැවින් මෙම ඉල්ලීම ඔක්තෝබර් මස 03 කැදවීමට නීතිපතිවරයා ඉල්ලා සිටියා. ඒ අනුව මෙම ඉල්ලීම ඔක්තෝබර් මස 03 වැනි දා කැදවීමට දින නියම කරන ලදී.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ පවතිනවා.

අද දින මෙම නඩුව විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරනයේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික විරොධතා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් ගොනු කර ඇති අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (01) කැදවීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements