Advertisement

වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය නොදුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හොරණදී පැවති ජන රැලියක් අමතමින්.
රටේ ආරක්ෂාව පිළිබඳ කිසිම දැනුමක් හා තැකීමක් නොමැති මෙවැනි රජයකින් පොදු ජනතාවට ඉදිරියේදී ද ආරක්ෂාව ලැබේවි යැයි විශ්වාස කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළා

එමෙන්ම පසුගිය රජය සමයේ රටේ විශාල ආර්ථික සංවර්ධනයක් මෙන්ම කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණවන නගරය බවට පත්කිරිමට හැකිවූ බවත් ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් වත්මන් රජය විසින් එම සංවර්ධන වැඩ කටයුතු නවතා දාමා ඇති නිසා ආර්ථිකය කඩා වැටීමට ලක්වූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements