Advertisement

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීමේදී අයදුම්පත් පනස්අටදහස් හයසියඑකක් ප්‍රතික්‍ෂේප වී තිබේ.

තැපැල් ඡන්දය ලබාදීම සඳහා රාජ්‍ය සේවකයන් හත්ලක්‍ෂ දාහත්දහස් නවසියදහඅටක් ඉල්ලුම් කර තිබූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එම ප්‍රමාණයෙන් හයලක්‍ෂ පනස්නවදහස් තුන්සියදාහතක් පිළිගත් බවත්, අයදුම්පත් ප්‍රමාද වී ලැබීම හා නිවැරදි ලෙස අයදුම්පත් සම්පූර්ණ නොකිරීම වැනි හේතූන් නිසා අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්‍ෂේප වූ බවත් එම කොමිසම පෙන්වා දෙයි.

එසේම තැපැල් ඡන්ද ප්‍රතික්‍ෂේප වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවද එම කොමිසමේ නිලධාරියෙක් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements