Advertisement

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම සලකා බැලීම අද ආරම්භ වේ.

හෙට හා අනිද්දා දිනවල ද අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීමට නියමිත ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් පනවන ලෙස ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ.

රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය පිරිනමමින් 2005 වසරේ නොවැම්බර් මස 21 වන දින නිකුත් කළ ලියැවිල්ල නීත්‍යානුකූල නොවන හෝ ව්‍යාජ එකක් බව පවසමින් මේ පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබා දෙන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම වළක්වන අතුරු නියෝගයක් ද එමගින් ඉල්ලා තිබේ.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, රාජපක්ෂ මහතා ලබා ගත් ද්විත්ව පුරවැසි සහතිකය නීතිමය අවශ්‍යතා සම්පූර්ණ නොකළ ලියැවිල්ලක් බව ය.

පෙත්සම්කරුවන් මීට පෙර මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ පැමිණිලි කළ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර අවස්ථා කිහිපයකදී මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම ගොනු කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවල සහතික පිටපත් ද සමග ය.

අද මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඕබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විමසා බලනු ඇති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements