Featured News

Video Gossip

Advertisement

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග තමන් සිටි වීඩියෝව සම්බන්ධයෙන් අමාත්‍ය රාවුෆ් හකීම් අදහස් පළකළා.

ඒ, වත්තේගම ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදීයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලාට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනාවක් එල්ල කළා. 
"පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසට මඩකලපුවේ ආසනයක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා. හිස්බුල්ලා මැතිතුමා ජනාධිපති මැතිවරණයේදී රාජපක්ෂලාට සහය දුන්නා. පැරදුනා... ඊට පසුව ඔන්න පස්ස දොරෙන් මේකා ගිහිල්ලා මෛත්‍රිපාල උන්නැහේ අල්ලගෙන ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රිකමක් අරගත්තා. අරගෙන කරපු දේ එදා ගැසට් පත්‍රයේ පළවුණු විගසම ඒ රෑම පටන් ගත්තා අපේ පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගහන්න. කඩ කඩන්න. මේක තමයි සහරාන්ලා කරපු වැඩේ. මේ කඩු සෙල්ලම පුරුදු වුණේ හිස්බුල්ලාගෙන්. ඉතින් මේ වගේ දේවල් කරලා.. එතනදි තමයි මට යන්න වුණේ. එවෙලේ මේ සිද්ධිය බලන්න මං ගියාම.. ඒ අස්සේ මේ හාදයත් රිංගලා ඇවිල්ලා. ඉතින් මං මොනා කරන්නද?. "

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements