Advertisement

ශ්‍රීල.නි.ප.ය කවර දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගත වුවද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහවැලි හා පරිසර විෂයට අදාළ ඉහළ පෙළේ රාජ්‍ය තනතුරක් හිමිවනු ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.


ජනාධිපතිවරණයෙන් පසුව තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව සිරිසේන මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ අතර ජනාධිපතිතුමාගේ දේශපාලන හිතවතුන් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසද යෝජනා කර ඇත.

පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති හමුවේදී ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාට අවශ්‍ය කුමක්ද යන ප්‍රශ්නය ඍජුවම විමසා ඇත. එහෙත් ජනාධිපතිවරයා ඊට ඍජු පිළිතුරක් නොදී කරුණු තුනක් සඳහන් කර තිබිණි.

ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන්ට නාමයෝජනා ලබාදීම, දක්ෂ ශ්‍රීල.නි.ප. සංවිධායකයන්ට නාමයෝජනා ලබාදීම සහ ශ්‍රීල.නි.ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම එම ඉල්ලීම් තුනයි. ඒ හැර ඡන්ද අපේක්ෂකයන් සාධාරණ අනුපාතයක් අනුව බෙදී යා යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

කෙසේ හෝ ලබන මාසයේ 17 වැනිදායින් පසු ජනාධිපති ධුරයෙන් සමුගැනීමට නියමිත ජනාධිපතිවරයා මහවැලි හා පරිසර විෂයට අදාළව ඉහළ පෙළේ තනතුරකට පත්වනු ඇතැයි ජනාධිපති මන්දිර ආරංචි මාර්ග කියයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements