Featured News

Video Gossip

Advertisement

ඉමදුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා ඊයේ (17) දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් රැගෙන සභාවට පැමිණිමත් සමඟින් ඉමදුව සභාව උණුසුම් තත්ත්වයක් ඇති විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමේ තීරණයත් සමඟින් මෙසේ ඉමදුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන උදාන කුසුම්සිරි හා රුවින් මන්තින්ද යන මන්ත්‍රීවරුන් මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත ඡායාරූප ඇතැතිව සභාවට පැමිණියේය.
එහිදී අදහස් දැක්වු උදාන කුසුම්සිරි මහතා, “අද සමහරු කියනවා ශ්‍රීලනිපයේ අච්චර අය එජාපයට එකතු වුනා මෙච්චර එකතු වුනා කියලා. එහෙම කවුරුවත් එකතු වෙලා නෑ. අපි අද ඒක ඔප්පු කරන්න තමයි මේ විදියට ආවේ අපි මින් ඉදිරියට ගෝඨාභය ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා”.

මෙහිදි මේ සම්බන්ධයෙන් විරෝධත්වය දක්වමින් එජාප මන්ත්‍රීවරුන් කෑ කෝ ගසමින් විරෝධත්වය පළ කරන්නට විය. ලැජ්ජ නැද්ද, කියපුවා මතක නැද්ද, ඔබතුමාලාගේ නායකයාට හු කියන්න ඉන්නේ. පසුගිය දවසක මහින්ද මහත්මයා කැදෙව්වා නේද කියමින් එජාප මන්ත්‍රීවරුන් විරෝධත්වය පළ කරද්දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දෙදෙනා ඉතාම උණුසුම් අයුරින් පිළිගත්තේ එජාපය දෙසින් පැමිණෙන විරෝධයට විරෝධයක්ද දක්වමිනි.

මෙහි දී අදහස් දැක් වු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්,

“අපි දැන් එකට ඉන්නේ අපි එකට රැස්වීම් කරන්නේ. ඔව් මහින්ද මහත්මයා එක්ක රැස්වීමක් තිබුණා ඒකෙදී අපි තීරණය කරා චන්දිම වීරක්කොඩි එක්ක මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න. ඒවා ගැන කවුරුවත් කලබල වෙන්න එපා”.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements