Featured News

Video Gossip

Advertisement

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද පති‍්‍රකා අද තැපෑලට භාර දීමට නියමිතව තිබෙනවා. 

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක පැවසුවේ දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීන් විසින් තැපැල් ඡන්ද පති‍්‍රකා ඇතුළත් පැකට්ටු තැපෑලට භාර දීම සිදු කරන බවයි. එම තැපැල් ඡන්ද පැකට්ටු දින කිහිපයක් ඇතුළත සහතික කිරීමේ නිලධාරීන් වෙත තැපෑල මගින් යොමු කෙරෙනු ඇති. 

නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් හය ලක්ෂ පනස් නව දහසකට ආසන්න පිරිසක් තැපැල් ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා  කියා සිටියා. 
තැපැල් ඡුන්ද සලකුණු කිරීමේ කටයුතු මේ මස 31 වනදා සහ නොවැම්බර් මස පළමු වනදා සිදු කිරීමට නියමිතයි. කෙසේවෙතත් පොලිසිය, මැතිවරණ කාර්යාලය සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙන්නේ නොවැම්බර් 04 වන දිනයි. 

ඉහත සඳහන් දිනයන්හි තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි තැපැල් ඡන්ද දායකයන්ට නොවැම්බර් 07 වනදා තම රාජකාරී ස්ථානය පිහිටි දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව හිමි වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements