Advertisement

2011 වර්ෂයේදී වවනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ සැකකරුවෙකුට එම අපරාධය වසන් කොට පළා යාමට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ශ්‍රී රංගා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු වහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (16) නියෝග කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ශ්‍රී රංගා විසින් ගමන් කරමින් සිටි ලියාපදිංචි නොකරන ලද වාහනය 2011 වර්ෂයේ මාර්තු මස 30 වෙනිදා සෙට්ටිකුලම් රෝහල ආස්න්නය්දී මාර්ගය ආසන්නයේ පිහිටි ගසක හැපීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කරන ලද පොලිස් සැරයන්වරයා මියගොස් තිබෙනවා.

එහිදී හිටපු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ අනතුරට ලක්වූ වාහනය සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන්වරයා විසින් පැදවූ බවයි. කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන අනුව හෙළිවී ඇත්තේ එම අනතුර සිදුවන විට වාහනය එළවා ඇත්තේ ජේ ශ්‍රී රංගා මන්ත්‍රිවරයා බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ශ්‍රී රංගා, වව්නියාවේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා, හිටපු පොලිස් අධිකාරිවරයා, සෙට්ටිකුලම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසයි පොලිස් මුලස්ථානයේ පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements