Featured News

Video Gossip

Advertisement

ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා නොඑන්නේ සජිත් තවමත් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වා නොමැති නිසා බවත් අවශ්‍ය නම් ඒ වෙනුවට තමන්ට පැමිණිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (29) ප්‍රකාශ කර තිබිණි. 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා විවෘතව අභියෝග කර තිබුණේ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය. ඒ මැදට නාමල් රාජපක්ෂ පැනීම යනු "අශ්වයාට ලාඩම් ගැසීමට යද්දී අශ්වයාගේ ඇඟේ සිටින මැස්සා 'මටත් ලාඩම් ගහපං' කියා කකුල ඔසවනවා" වැනි වැඩකි.


සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා ගණනාවකදීම මෙම අභියෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කළ අතර ඔහු සුපුරුදු ලෙස එය මඟ හරිමින් සිටී. තම සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරය නොමැතිව මාධ්‍ය හමුවක් පවත්වා ගැනීමට හෝ නොහැකි තත්වයක සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ අභියෝගයට මුහුණ දීමේ හැකියාවක් නොමැති බව රටටම පැහැදිලි වෙමින් තිබේ. 

මෙවන් අවස්ථාවක දේශපාලනික ක්‍රියාව වන්නේ ලැජ්ජාව දරාගෙන හෝ ඒ පිළිබඳ කතා නොකර සිටීමය. එහෙත් නාමල් රාජපක්ෂ වැනි දේශපාලන ළදරුවන් කරන්නේ මොකාක් හෝ විකාරයක් කිවමින් කතාව යළි ඇවිස්සීමය. 

මෙයින් විහිළුවට ලක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements