මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත් කොට නිල වශයෙන් නම් කිරීම අද (30) පෙරවරු 9.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරේ. 1860 වසරේ වසංගත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ආරම්භ කරන ලද මහනුවර රෝහල 1946 වසරේ ශික්ෂණ රෝහලක් ලෙස නම් කර ඇත.
මේ වන විට සියලුම විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක කෙරෙන මේ රෝහල අවයව බද්ධ කිරීමේ කටයුතුද සාර්ථකව සිදුකරනු ලබයි. ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය සිදු කරනු ලැබුවේද මේ රෝහලෙනි. විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, ඇතුළු පන්දහස් එකසියය ඉක්මවන සේවක මණ්ඩලයකගෙන් සමන්විත මෙහි රට පුරා වෙසෙන තුන්දහසකට ආසන්න රෝගින් ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර රෝගින් හාරදහස ඉක්මවා දෛනිකව ප්‍රතිකාර පිණිස පැමිණෙති.
දිවයිනේ සියලුම පළාත්වල ජනතාවට පහසුවන පරිදි රට මධ්‍යයට වන්නට පිහිටි මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් කළ යුතු බවට මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ප්‍රමුඛ රෝහල් බලධාරින්ගේ වසර ගණනාවක් ඉල්ලීම් කර ඇත. මේ සහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීම මත ජාතික රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරා ඇති බැවින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබ ජාතික රෝහලක් බවට පත් කොට ඇත. මෙතෙක් ක්‍රියාත්මක වු සේවාවන්ට අමතරව වඩාත් පුළුල් වු සේවාවක් මහනුවර ජාතික රෝහලෙන් මෙතැන් සිට ක්‍රියාත්මක වේ.

