Featured News

Video Gossip

Advertisement

"මනුස්සයෝ විදිහට අපි ජීවත් වෙන ඉතා කෙටි කාලය තුළ දී ශ්‍රී ලංකාවේ සෑම නිවසක ම අපේ රටේ නිෂ්පාදනය කළ බතක් ඉදෙන්න සැලැස්වීම තමයි මගේ අරමුණ."

දැඩි අධිෂ්ඨානයක් ගැබ් වී ඇති එම වදන් පෙළ පැවසූ ඔහු නාලක ප්‍රසාද් සේනාධීරය. දැදිගම ගම්මානයේ දිවි ගෙවන ඔහු 28 හැවිරිදිය.
ශ්‍රී ලංකාව පුරා ඇති පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති නාලක සමඟ මේ වන විට බොහෝ තරුණ තරුණියන් පිරිසක් ද එක් වී සිටිති.

මේ වන විට ඔහු සිය ගම්මානයේ තිබෙන අක්කර සියයක පමණ පුරන් කුඹුරු අස්වැද්දීමට අවශ්‍ය ක්‍රියාකාරකම්වල නියැලෙමින් සිටී. ඒ අතර, රත්නපුර මෙන්ම කොළඹ අවට ප්‍රදේශ කීපයක තරුණ තරුණියන් ද මෙම කාර්යය සඳහා උනන්දු කර ඔවුන්ට විවිධාකාරයෙන් උපකාර කිරීමට නාලක ක්‍රියා කරයි.

"දැදිගම මහ වෙල් යාය කන්න දෙකක් පුරන් වුණා. එකට ප්‍රධාන හේතුව තමයි දැදිගම කිලෝමීටර තුනක ඇළ මාර්ගය අක්‍රිය වීම. නමුත් මිනිස් පැය 365කින් ඒ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර වතුර එන මට්ටමට ගෙන ඒමට අපිට හැකි වුණා."

"ඊට පසු අපිට වැඩිහිටි ගොවියන්ගේ උපදෙස් ලැබුණා නැවත මේ කුඹුරු පුරන් නොවන විදිහට වැඩකටයුතු කරන්න. මේ ක්‍රියාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ඉන්න තරුණ තරුණියන් මෙයට සම්බන්ධ වෙන්න පටන් ගත්තා," පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ අදහස ඇති වූයේ කෙසේදැයි කළ විමසුමක දී ඔහු එසේ පිළිතුරු දුන්නේය.

කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තමන් 2008 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල නියෝජනය කළ ලාබාලතම පුද්ගලයා බව නාලක පැවසීය.

"2020 යල කන්නයේ දී අපි රටක් විදිහට එකතු වෙලා වැඩ කළොත් අපිට පුළුවන් වෙනවා අවුරුදු සියයකට පමණ ධාන්‍යය වර්ග අපේ රටේ ඉතිරි කරගන්න."

"එහෙම ඉතිරි කරගැනීමේ පළවෙනි අඩිය විදිහට ලබන අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා සිට දෙව්න්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සියලු පුරන් කුඹුරු පිරිසිදු කර, ප්‍රතිසංස්කරණය කර වැඩිහිටි ගොවියන්ට භාර දීම මගේ එක අරමුණක්," යැයි නාලක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

"මේ වෙනකොට, කෑගල්ල, දිවෙල ප්‍රදේශයේ තරුණයෙක් වන චමීර පුරන් කුඹුරු අක්කර 75ක වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මාලදෙනියේ සකුන්තලා නංගී අක්කර 2.5ක වැඩ කරගෙන යනවා. රත්නපුර, පන්නිපිටිය ප්‍රදේශවලත් මේ වගේම තරුණ කට්ටිය කුඹුරු අක්කර 500-1000ත් අතර ප්‍රමාණයක වැඩ කරගෙන යනවා," ඔහු තවදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements