Featured News

Video Gossip

Advertisement

එංගලන්තයේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලබන සෙනසුරාදා (19) දිනයේදී ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නියමිත බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සමඟ එක්වීමට ගත් තීරණය දැඩි ලෙස විවේචනය කරමින් නිවේදනයක් ද පසුගියදා නිකුත් කළ ඒ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණි වහාම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් කැඳවා සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීම සඳහා දැනමත් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද දැනටමත් සාකච්ඡා පවත්වාගෙන යන අතර එහි ද යම් සාර්ථකත්වයක් ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කොටසකගේ සහාය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබෙන ලකුණු පහළ වී ඇති බවත් වාර්තා විය. 

ශ්‍රීලනිප මහලේකම්වරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපය ප්‍රමුඛ විපක්ෂයේ පොදු අපේක්ෂයා වශයෙන් ගෙන ඒමට මූලික වෙමින් 2014 වසරේදී ද ජනාධිපතිවරණය ඉදිරියේ තීරණාත්මක භූමිකාවක් ඉටු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙවරත් ඉතාම ප්‍රබල භූමිකාවකට පණ පෙවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements