Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක ඇතුළු සිවු දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරය තුළ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරිමින් සිටියදි මහනුවර පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මහනුවර නියෝජ්‍ය මැතිවරණ කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එම කාර්යාලය මගින් කළ දැනුම් දීමකට අනුව මහනුවර ටොරිංටන් උද්‍යානය අසලදී මෙම පිරිස අත්පත්‍රිකා තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එම පත්‍රිකාවල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙරට සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් මැලේ යන සියලු ජනතාවගේ සමඟිය හා ආරක්ෂාව අනතුරේ යන්න අත්පත්‍රිකා වල සඳහන්ව තිබේ.
අත්අඩංගුවට ගත් අදාළ නාගරික මන්ත්‍රීවරිය මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරයක් වන අතර ඇය ඇතුළු සිවු දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඔවුන්ට අධිකරණයෙන් සිතාසි ලද පසු අධිකරණයේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements