Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන සිටින හා මැතිවරණ වේදිකාවේ සිදුකරන ප්‍රකාශ නිසා එජාප නායකයන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවට වාර්තා වේ.

ආසන්නතම සිදුවීම ලෙස රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය බදාදා (23 වැනිදා) ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියත් සමග එම තත්ත්වය උත්සන්න වී ඇත.

ඊළඟ ආණ්ඩුවේ අගමැතිවරයා, බැඳුම්කර චෝදනා ලාභීන්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති අය එම ආණ්ඩුවට සම්බන්ධ කරගන්නේද? අධිවේගී මාර්ග හොරු පත්කරන්නේද, අන්තවාදයට සහාය පළකරන අය ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වීම ආදී ප්‍රශ්න රාශියක් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක විසින් ඉදිරිපත් කර ඇත.

මේ අතර පසුගියදා ලග්ගල පැවති ජන රැලියට සහභාගි වූ අගමැති රනිල් වික්‍රමසිංහට පාක්ෂිකයකු විසින් හූ කීම කෙරෙහිද නායකත්වය අවධානය යොමුකර තිබේ.

මේ අතර රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ චෝදනා එල්ල වී සිටින සජින් වාස් ගුණවර්ධන, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ වේදිකාවට සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන්ද ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයට පැමිණිලි කර තිබේ.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියක් වන මරණ දඬුවම ලබා නොදීම නොසලකා සජිත් ප්‍රේමදාස බලයට පැමිණි පසු එය ක්‍රියාත්මක කරන බවට පැවසීමද දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත්ව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements