Featured News

Video Gossip

Advertisement

11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පවත්වාගෙන ගියබව කියන ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් අවවාද කළ විදුහල්පතිවරයෙකුට එම සිසුවා, ඔහුගේ පියා සහ සිසුවාගේ සහෝදරයා එක්ව පහරදුන් පුවතක් ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් උලපනේ අල් ඉක්‌රා විදුහලෙන් වාර්තා වනවා.

පාසලේ විදුහල්පතිවරයා විසින් සිදුකළ අවවාදයට කිපුණු අදාල සිසුවා සිය පියා සහ සහෝදරයා පාසලට කැඳවා ඔවුන් ලවා එම විදුහල්පතිවරයාට පහරදී ඇති අතර පහරකෑමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා රෝහල්ගතකර තිබෙනවා.
එසේම සිද්ධියෙන් පසු විදුහල්පති කාමරයේ දේපළවලට ද අලාභ හානි කර ඇති අතර මේ දිනවල පාසලේ පවතින 11 ශ්‍රේණියේ වාර විභාගයට පෙනී සිටින සිසුන් ද පලවා හැර පාසලේ මහත් කලබැගෑනියක්‌ ඇති කළ බව ද විදුහල්පතිවරයා ප්‍රකාශ කරනවා.

මෙම සිසුවාගේ ආදර සම්බන්ධය පිළිබඳ අට වසර සිසුන් පන්ති භාර ගුරුවරයාට පවසා ඇති අතර එම සිසුවා මුලින්ම එම පන්තිභාර ගුරුවරයාට පහරදීමට උත්සාහ ගෙන ඇති බවත්, පසුව මෙම සිසුවාගේ පියා හා සහෝදරයා පොල්ලක්‌ ද රැගෙන පාසලට පැමිණ තමන්ට පහරදුන් බවත් රෝහල්ගතව සිටින විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මද්‍රසා පාසලකින් පැමිණ ඇති මෙම සිසුවා මීට පෙර ද විවිධ චෝදනාවන්ට ලක්‌ව පොලිස්‌ පැමිණිලි ඇති බව පවසන විදුහල්පතිවරයා, දෙමාපියන් මේ ආකාරයට කලබල වීම කනගාටුදායක සිද්ධියක්‌ බවද ප්‍රකාශ කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements