Advertisement

ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම හෙට (07) දිනයේදී පැවැත්වෙන නිසා මැතිවරණ කොමිසන් සභාව අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කර සිටිනවා. මෙම විශේෂ රථ වාහන සැලැස්ම හෙට පෙරවරු 6 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


ඊට අමතරව ආරක්ෂක රාජකාරි සහ සෝදිසි කිරීම් සඳහා පොලිසියේ නිලධාරීන් 1200ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද යොදවා ඇති අතර ආවේක්ෂණ රාජකාරි සඳහා බුද්ධි අංශ නිලධාරින්ද සේවයට එක් කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටියි. ඊට අමතරව විශේෂ රථ වාහන සැලැස්ම හේතුවෙන් හෙට දිනයේදී පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් 500ක් පමණ ඒ සඳහා රාජකාරියේ යොදවා ඇත.

මැතිවරණ නාම යෝජනා භාර දීම සඳහා පැමිණෙන සියලුම ආධාරකරුවන් සෝදිසියකට ලක් කරන බවත් අදාළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග පවත්වනු ලබන සාකච්ජාවේදී ඔවුන්ට රැඳී සිටීමට වෙන්කරනු ලබන ස්ථාන ගැන හා වාහන නතර කිරීමට නියමිත රථ ගාල් සම්බන්ධයෙන් දැනුම් දෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

එමෙන්ම හෙට දිනයේදී වාහන පෙළපාලි, පුද්ගල පෙළපාලි පැවැත්වීම හා කටවුට් සහ බැනර් ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ. නීතිවිරෝධී ලෙස කටයුතු කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් වීඩියෝ ගත කර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

හෙට දිනයේදී ක්‍රියාත්මක විශේෂිත රථවාහන වැඩසටහන හේතුවෙන් ඇතිවන මාර්ග අවහිරතාවය අවම කර ගැනීමට හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ රථ වාහන සැලැස්ම පහතින් දැක්වේ.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements