Featured News

Video Gossip

Advertisement

13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී අභිරහස් ලෙස මිය යාමේ පුවතක් කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලැබූ නදුන් නෙත්සර ඩයස් ගුණවර්ධන නමැති පාසල් සිසුවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. 

ඊයේ (19) පෙරවරු 8.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙම සිදුවීම සිදුව ඇති මොහොතේ මියගිය පාසල් සිසුවා ගේ පියා සිය ව්‍යාපාරය සඳහා පිටත්ව ගොස් ඇති බවත් මව සහල් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලට ගොස් සිටි බවත් මියගිය සිසුවා නිවසේ තනිව සිට ඇති බවටත් තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
වෙළඳසැලට ගොස් සිටි මව නැවත නිවසට පැමිණීමෙන් අනතුරු ව නිවසේ ජනේලයක එල්ලී සිටි දරුවා දැක ඇති අතර පසුව ඇය කෑගසා ප්‍රදේශවාසීන් ගෙන්වාගෙන සිසුවා කටුවන ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එහිදී සිසුවාගේ මරණය පිළිබඳව සැක මතුවීම නිසා කටුවන රෝහලේ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් පොලීසියට වාර්තාකර තිබෙනවා.

අනතුරුව කටුවන පොලිසිය මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර ඇති අතර මියගොස් ඇති සිසුවා ගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක පළකරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements