Advertisement

ජනපති අපේක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත සිංහල බෞද්ධ ඡන්ද වැළැක්වීමේ ජාත්‍යන්තර වැඩසටහනක් ක්‍රියාත්මක වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ සඳහා විදේශයන්ගේ ආධාර උපකාර හිමිවන බවත් එහිදී සිංහල බෞද්ධ ඡන්ද පනස්දහසක් හා ලක්ෂයක් අතර ප්‍රමාණයක් ඔහුට ලැබීම වැළැක්වීම එහි අරමුණ යැයි මහනුවරදී පැවැති ජනහමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වනවිට විශාල ජන ප්‍රසාදයක් හා ආකර්ශනයක් හිමිවන බවත් එය කඩාකප්පල් කිරීම සිදුවන බවද ඒ මහතා කීහ. නමුත් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජතික සන්ධානය සමඟ ඇති කර ගන්නා ගිවිසුම අනුව රට විශාල ලෙස අස්ථාවර වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීහ.

නුවර නදීක දයා බණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements