Featured News

Video Gossip

Advertisement

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිතයි.

අමාත්‍ය දයා ගමගේ පැවසුවේ ඉදිරි වසර පහේදී රට ඉදිරියට ගෙනයාම සඳහා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කර ඇති බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති කරුණු ද අධ්‍යයනය කර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කළ බවයි අමාත්‍ය දයා ගමගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 
එහිදී "ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තාම ඔහු කරනවා කියන ඒවා මං මගේ අමාත්‍යාංශය පැත්තෙන් බැලුවාම..අපි ඒවා කරලා ඉවරයි. අපිට යන්න තියෙන්නේ ඊට එහා ඉදිරි ගමනකටයි. " යනුවෙන්ද සඳහන් කළා.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම ද හෙට ආරම්භ වනවා. 

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමට සිදුවන්නේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති මොනවාද යන්න නොදැන බවයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත් දා චෝදනා කළේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය දයා ගමගේ ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කළ දේ ඔවුන් දන්නා බැවින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින්ට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් අවශ්‍ය නොවන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements