Advertisement

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා ලබන සඳුදා දින ( 2019.10.07) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබෙන බව දැනුම් දෙනවා.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දින ආරක්ෂක හේතු මත එදින පෙ.ව. 07.00 සිට ප.ව. 01.00 දක්වා රාජගිරිය සරණ මාවත ඇතුලු මාර්ග කීපයක් වසා තබා මැතිවරණ මහලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ අපේක්ෂකයන් සමඟ පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සඳහා රථවාහන නවතා තැබීමට රාජගිරිය මංසන්ධිය හා ඒ අවට වෙන් කෙරෙන බැවින්, එම ප්‍රදේශ ආශ්‍රිත පාසල් එදින වසා තබන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ආධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියලුම පාසල් ද ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාල, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එදින වසා තැබීමට අධ්‍යාපන ලේකම්වරයා විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙත අනුමැතිය ලබා දී ඇති බවයි පෙන්වා දෙන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements