Advertisement

සිංහල ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති දෙමළ භාෂාවට හා දෙමළ ලේඛකයන්ගේ කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කොට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යතුමා එසේ ප්‍රකාශ කළේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කන්දයියා පද්මනාදන් මහතා විසින් රචනා කරන ලද කාව්‍ය ග්‍රන්ථ දහයක් එළිදැක්විම නිමිත්තෙන් බම්බලපිටිය සරස්වතී ශාලාවේ දී ඉකුත්දා පැවැති උත්සවයක් අමතමිනි.

මෙරට දෙමළ ජනතාවට බෙහෙවින් කියවීමට ලැබී ඇත්තේ ඉන්දියානු කතුවරුන් ලියා මෙහි ආනයනය කරන ලද දෙමළ සාහිත්‍ය පොත් බව සඳහන් කළ අමාත්‍යවරයා ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයන්ගේ පොත් මෙහිම ප්‍රකාශයට පත් කිරීමෙන් මෙරට සංස්කෘතිය හා දේශීයත්වය අගයන සාහිත්‍ය කෘති රස විඳීමට දෙමළ ජනතාවට අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේය.

දෙමළ ජනතාවට සිය භාෂාවෙන් පොත් ලිවිමට හා ප්‍රකාශනයට පවතින අඩුපාඩු මඟ හැරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවක දී ඉහත තීරණයට එළඹුන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

සිංහල හා දෙමළ පොත් පරිවර්තනය කිරිමේ වැඩපිළිවෙල නිසා එම භාෂා පරිශීලනය කරන ජනතාවට එකිනෙකාගේ හැඟීම් අවබෝධ කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් සැලසෙන බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements